Thursday, June 9, 2016
68 වසරක ශේෂ පත්‍රය
රටට ඉතුරු වෙලා තියෙන එකම ආදායම් මාර්ගය මැදපෙරදිග බැල මෙහෙවර කියල ප්‍රසිද්ධියෙම කියන්ඩ සිද්ද වෙලා. හැබැයි තලතා අතුකෝරාල මේක කීව හින්දා, වයස් සීමාව පල්ලට දාන්ඩ හදපු හින්දා මේක මේ ආණ්ඩුවෙ විතරක් ඇගේ ගහල පැත්තකට වෙන්ඩ කාටවත් බෑ. මේ අාණ්ඩුවත් අැතුළුව මේ වෙනකම් රට පාලනය කරපු එජාප, ශ්‍රිලනිප පක්ෂ දෙක සහ ඒ අය එදා ඉදල පාලනයෙ තියපු අපි හැමෝගෙම පවුල් පරම්පරා පිටින් මේකට වගකියන්ඩ ඕනෙ.
උපාධි කරල, රස්සා කරල නැත්තන් බිස්නස් කරලා ලොකු ගෙවල් හදාන වාහනයක් අරන් 'අපි හම්බ කරගත්තොත් අපිට' කියල ජීවත් වෙන්ඩ ගියාට ලෝකෙන් ණයට කන රටේ අපිට කන්ඩ ඩොලර් හොයන්නෙත් අධ්‍යාපනයක් ලබන්ඩ බැරි වෙච්ච, ජීවත් වෙන්ඩ, දරුවො ජීවත් කරන්ඩ බැරුව රට යන අම්මා අක්කා කියල අමතක කරන්ඩ එපා. ලංකාවෙ ආර්ථිකේම දුවන්නෙ අධ්‍යාපනයක් නැති, හොද සමාජ පසුබිමක් නැති කාන්තාවො හින්දා. මැදපෙරදිග බැලමෙහෙවරයි, වත්තෙ තේ දල්ලයි.
පරම්පරාවෙන් උරුම වෙන හැමදේම එක්ක දේශපාලනෙත් ගන්ඩ එපා. අද වෙන දේවල් බලන්ඩ. ඒවට හේතු හැදුනෙ, හැදුවෙ කවුද බලන්ඩ. වෙනස් කරන්ඩ අවශ්‍යද නැද්ද බලන්ඩ. රජවරු හදන්ඩ යන්ඩත් එපා. රජවරු කියන්නෙ මිනිස්සුන්ගෙ හැමදේම උදුරගන්න තක්කඩි පීඩකයො කොටසක් විතරයි.
නිවැරදි විකල්පය තෝරන එක තමන්ගෙ වැඩක්. මෙච්චරකල් අවස්ථාව දීලත් කරගන්ඩ බැරුව, ප්‍රශ්න තව තව උග්‍ර කරපු, අළුත් අර්බුදවලින් පුරවපු කණ්ඩායම්වලට ආයෙ දීල බලන්ඩ ඕනෙද. බින්දුවට තව බින්දු කොච්චර එකතු කරත් උත්තරේ බින්දුවම තමා.
Subscribe to:
Posts (Atom)