Wednesday, December 16, 2015
අාදරණිය වික්ටෝරියා
.
බ්‍රිතාන්‍ය පාලන සමය තුළ ශ්‍රී ලංකාව තුළ බිහි වී වර්ධනය වන පසුකාලීනව රටේ පාලන බලය සදහා පැමිණෙන මධ්‍යම පංතියේ කතාන්දරයයි. රාජාණ්ඩු ක්‍රමය අහෝසි කිරිමෙන් පසු ශ්‍රී ලංකාව තුළට උත්තරාරෝපිත කළ ධනවාදය නිසා සමාජ අවශ්‍යතාවයෙන් තොරව ස්වාධිනත්වයේන් තොරව බිහිව වර්ධනය වූ සමාජ අාර්ථික දේහය නිසා ඒ ඒ එෙතිහාසික යුගයන්හිදි නිෂ්පාදන ක්ෂේත්රයේ සංවර්ධන මට්ටම ලගා කරගනු වෙනුවට උත්තරාරෝපිත ධනවාදයේ අනිවාර්ය ප්රථිඵලයක් වන බේබදුකම හරහා විවෘතවන අරක්කු වෙළදපොළ තුළ බිහි වී වර්ධනය වන පසුකාලීනව රටේ පාලන බලය ලබා ගැනීම සදහාද මංපෙත් විවෘත කරගන්නා ස්වදේශිය මධ්‍යම පංතියේ එක් කාල පරිච්ඡේදයක් මෙහි විස්තර කෙරේ.
බ්‍රිතාන්‍ය පාලකයන්ගේ අාශිර්වාදය මත මෙම වෙළදපොල තුළ පැවතීම වර්ධනය වීම රදා පවතින නිසා මෙම පංතිය උපතේ සිටම පරගැති මානසිකත්වයෙන් යුක්තය. ක්‍රමක්‍රමයෙන් බටහිර අැදුම් පැලදුම්වලට හුරු වීම, ඉංග්‍රීසි කතා කිරිම, බ්‍රිතාන්‍ය සිරිත් විරිත් සරණ යාම මගින් තමන්ද සැබෑ ලෙසම බ්‍රිතාන්‍ය හිතවාදී පමණක් නොව සැබැවටම බ්‍රිතාන්‍යන් බවට ප්‍රදර්ශනය කරන අාකාරය පෙන්වයි. තවද තමන්ට සැබෑ ලෙස අයිති නොවන ධනය බලය කීර්තිය සදහා සුජාතභාවයක් ලබා ගැනීමට අාගම සමග දක්වන ව්‍යාජ සබදතාව, සමාජ සේවය සදහා දක්වන උනන්දුව මෙම පංතියේ සැබෑ ව්‍යාජත්වය පෙන්නුම් කරයි. ධනය බලය සදහා අද මෙන්ම එදා පංතියද අපරාධ, මනුෂ්‍ය ඝාතන සිදුකරයි. හීනමානෙයෙන් යුතුව කීර්තිය ප්රසංසාව පසුපසම දිවයන මොවුන් ලාංකේය සමාජයේ උප්පත්තියේ දේෂය නිරූපණය කරයි. ජාතියක් වශයෙන් පසුගාමී තත්වයට අැදවැටී සමාජ ඛේදවාචකයන්ගෙන් පිරිගිය රාජ්‍යයක් බිහිවීමට හේතුව මෙම උප්පත්තියේ දෝෂයයි.
ජාතියේ අවාසනාවට 'හම සුදු පැහැ' වූ බ්‍රිතාන්‍යන්ගෙන් පසු මෙරට පාලනයට පත්වන්නේද මෙම ' හම කලු පැහැ' වූ බ්‍රිතාන්‍යන්ය. බ්‍රිතාන්‍ය ගැති වීමට සිරිත් විරිත් අාගම භාෂාව බ්‍රිතාන්‍ය පන්නයට හැඩගැසෙන මොවුන් බ්‍රිතාන්‍යන්ගෙන් පසු රටේ පාලනයට පැමිණිම සදහා නැවත දේශීය අැදුම් පැළදුම් සිරිත් විරිත් අාගම භාෂාව පලිහක් කරගන්නා අාකාරයෙන් කතාව තුළ ඉස්මතු කරන ඉහත කාරණා යළි යළිත් සනාථ වේ. මෙම පංතිය උපතින්ම ව්‍යාජත්වය තුලින් සිය බලය ධනය කීර්තිය පවත්වා ගන්නා බව ඉතා හොදින් පෙන්නුම් කරයි.
"ඒ විරූපි සත්ත්වයා දෙස බලා සිටීම සැබවින්ම අපුලක් විය. උෟ උගේ මව මරා උපන් බව අැත්තය. එහෙත් මව මරා උපන් පළියට උෟ මරා දැමීම පව්කාරී වැඩකි. අනෙක් අතට උගේ 'උත්පත්ති දෝෂයට' උගේ දෙමව්පියන් වරදකරුවන් වනවා මිස උෟ එයට පළි නැත. එබැවින් උෟ දිහා නැවත වරක් නොබලා ලීනා එතනින් වහා ඉවතට ගියත් උෟ රැක බලාගැනීම පිණිස 'සේවකයන්' දෙදෙනකු යෙදවීමට කටයුතු කළාය"
මේ පවසන්නේ ලාංකේය සමාජ දේහයේ උප්පත්ති දෝෂයයි. අවසානයේදී සමස්ත කතාව අතැඹුලක් සේ මෙසේ ප්‍රකාශ කරයි.
"කෙසේ හෝ මේ දවසේම රාත්‍රියේ තවත් අහඹු සිද්ධියක් සිද්ධ වී තිබුණේය. එනම් කොළඹ මහමුදලි වලව්වේ මහමුදලි සොලමන් බණ්ඩාරණායකගේ බිරිද ඩේසි ඔබේසේකර පිරිමි දරුවකු ප්‍රසූත කළාය. සර් ජෝසප් වෙස්ට් රිජ්වේ ඉංග්‍රීසි අාණ්ඩුකාරවරයාගේ අතිශයින්ම 'විශ්වාසවන්ත කුලුපග සේවකයකු' වූ මහමුදලි බණ්ඩාරනායක සිය කුලුදුල් පිරිමි දරුවාට සිය නමේ සොලමන් ඩයස් යන කොටසත්, ඉංග්‍රීසි අාණ්ඩුකාරවරයාගේ වෙස්ට් රිජ්වේ යන කොටසත් එකට එක්කොට සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක නමින් නම් තැබුවේ ඊට දින කීපයකට පසුවය"
Saturday, December 12, 2015
වෙනසක් නොවූ 'වෙනස'
දූෂණ වංචාව වැළැක්වීම,, ප්රජාතන්ත්රවාදය තහවුරු කිරිම වදන්වලින් කන් පිරීගිය ජනාධිපතිවරණ මැතිවරණයක් අවසන් වී දැනට වසරක් පමණ ගතවී අැත. සැබෑ ලෙසම පැවති පාලනය බිද දැමීම තුළ තිබු සැබෑ ජනමතය වූයේද දූෂණය වංවාව නතර කිරීම හොරුන් අැල්ලීම ප්රජාතන්ත්රවාදය තහවුරු කිරීමයි. අලුතින් පත්කරගන්නා පාලන තන්ත්රයේ ඒකායන අභිප්‍රාය විය යුත්තේද එම ජනමතයමය. එය හුදෙක් අපගේ චිත්ත අවකාශයේ ගොඩනැගෙන දෘෂ්ටිවාදයයි. යතාර්ථය තුළ එය හුදෙක්ම පරිකල්පිත දෘෂ්ටිවාදයක් පමණකි. පාලනය භාරගෙන දින කිහිපයක් තුළම සහෝදර සංග්‍රහය දුටුවෙමු, පැටවු ගැසූ අැමති මණ්ඩලයක්ද මතු විය. ගත් කටටම දුටු වෙනස එයයි. වෙනසක් සෙවූ ජනයාගේ දෙෙවයේ සරදමක් ලෙස මෙතෙක් කල් එජාපය විසින් දූෂිතයන් මිනීමරුවන් ලෙස හංවඩු ගැසූ ශ්‍රීලංකා මන්ත්‍රීවරුන්ද අාණ්ඩුවට හවුල් කරගැනීම සිදු විය.
අගමැතිවරයාගේ ගජ මිතුරකු වූ විදේශිකයකු වූ අර්ජුන් මහේන්ද්‍රන් ගෙන්වා ගෙන වහාම පුරවැසිභාවය ලබා දී ලංකා අාර්ථිකයේ මරමස්තානයේ අධිපතිවරයා කරවිය. ලංකා ඉතිහාසයේ දූෂිතම බැදුම්කර වංචාවට සිදු වූ පසු ගජ මිතුරා බේරා යැවීමට මිස්ටර් ක්ලීන් ගත් උත්සාහයද සාර්ථක විය. දින සියය තුලම සිදුවූ මෙම වංචාව යහපාලන නායකයන්ගේ දූෂිතයන්ට දඩුවම් දීමේ සැබෑ උනන්දුව මනාව පැහැදිලි විය. මින් පෙනීයන කරුණ නම් යහපාලන රජය තුළද සිදුවූයේද සුපුරුදු දූෂිත පාලන යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වීමක් පමණි. යහපාලනයේ මූලිකම අරමුණක් වූ 'හොරු අැල්ලීම' හුදෙක්ම මාධ්‍යය සංදර්ශනයක් පමණක් විය. වසරක් ගත වී අැතත් එකදු හොරෙකු අල්ලා ගැනීමට යහපාලකයන් සමත්කමක් දක්වා නැත. ඒ වෙනුවට හොරුන් ලෙස ඔවුන්ම පහර ගැසූ පිරිස් සමග මේ වනවිට එක වහලේ යට අැමතිකම් කරමින් සිටී. රිමාන්ඩ් භාරයට පත්වූ පිරිස්ද දෑත් ඔසවමින් සිනහ මුසු මුහුණින් ගෙවන වාට්ටුවට අැතුල් විය.
ජනතාවගේ සිහින දිනෙන් දින බිද වැටුනද යහපාලකයන්ගේ අරමුණු නම් සාක්ෂාත් කරගැනීමට සමත් විය. අැමති ධූර, නිල රථ, ඉන්ධන දීමනා, නිල නිවාස සහිතව වසර 10ක සිට අහිමිව ගිය සියලු වරප්‍රසාද සියල්ල බුක්ති විදිමට මග පෑදිණි. මෙසේ යහපාලනය ජනමතය ඉවත දමා සුපුරුදු දූෂිත ගමන් මගේ ගමන් ගන්නා විට එල්ලවන ජනතා විරෝධයෙන් මිදීමට බිද වැටුණු රාජපක්ෂ පාලනයේ පිහිට පැතීමට යළි සිදුවිය. 'එදා මෙහෙමයි' , 'මහින්ද කරේ මෙහෙම' යන වාක්‍ය ඛණ්ඩ උදේ හවස මැතිරීම හැර විකල්පයක් යහපාලකයන්ට නොවීය. දූෂිත බැදුම්කර වංචාව සිදුවූ අවස්ථාවේදීද අගමැතිවරයාට සිදුවූයේ රාජපක්ෂ හා කබ්රාල්ගේ පිහිටෙන් තමන්ගේ විලි වසා ගැනීමට උත්සහ ගැනීම පමණි. මින් පැහැදිලි වන්නේද යහපාලනය බිහිකිරීමට පමණක් නොව යහපාලනයේ විලි වසා ගැනීමට රාජපක්ෂ සාධකය අත්‍යවශ්‍යව අැති බවයි. ජනවාරි 8ට පෙර පෙන්වූ 'ශුද්ධ වූ වෙනස' සහමුලින්ම දියාරු වී ගිය බව සියලු දෙනාට දැන් පැහැදිලිය.
නමුත් අගෝස්තු 17න් පසු පත්කරගත් රජය පසුගියදා ඉදිරිපත් කළ අයවැය යෝජනාව තුළින් පෙර යන්තමින් තිබූ සැනසුම් සුසුම්ද අකා මකා දමමින් ජන පීඩක, ගජ මිතුරු සංග්රහවාදී අාර්ථික ප්රතිපත්තියක පිහිටා ඉදිරි වසර පහක කාලයක් ගත කිරීමට ජනතාවට සිදුවන බව සක් සුදක් සේ පැහැදිලිය. පාසල් සිසුවාගේ නිල අැදුමට අත තබා දැන් එය අවුල් ජාලයක් වී දරුවන් දෙමාපියන් ගුරුවරුන් විදුහල්පතිවරුන්ට දුෂ්කරක්‍රියා කල යුතු තත්වයකට අැද දමා අැත. රාජ්‍ය සේවකාගේ විශ්‍රාම වැටුප කපා දැමීම රාජ්‍යය සේවය කප්පාදු කිරීමේ දැවැන්ත උත්සාහයකි. වාහන බලපත්‍ර වරප්‍රසාදයද කප්පාදු කර අැත. හෙද නිල අැදුම් දීමනාද කප්පාදු කර අැත. වෙෙද්‍යවරුන් සතුව තිබූ දීමනාද අහිමි කර අැත. පරිසරය අාරක්ෂා කිරිමට දුම් පරීක්ෂා කිරීමේ ගාස්තු ඉහල දමන අතර පරිසර හිතකාමී විදුලි මෝටර් රථ අානයන බද්ද 25%කින් ඉහල දැමීම එකිනෙක පරස්පරය. පොහොර සහනාධාරය කප්පාදු කර මුදල් ලබා දීම ගොවියන්ගේ ඉල්ලීමක් ලෙස අැමතිවරයා පැවසීම ගොවීන්ටම ගැටලුවක් වී අැත.
ගජ මිතුරු සංග්‍රහය , දේශීය හා විදේශීය බහුජාතික සමාගම්වලට මෙරට ජනයා කොල්ලකෑමට අවශ්‍ය පහසුකම් සලසා අැත්තේ බදු සහනද සහිතවය. ජේම්ස් පැකර්ට බදු සහන ලබා දෙනවිට මොරදුන් එජාපය අද ඊට සුජාතභාවය ලබා දීමේ පෙරටුගාමී කාර්යය ඉටුකරමින් සිටී. මෙරට ඉඩම්, කර්මාන්ත අැතුළු සමස්ථ අාර්ථිය සහමුලින්ම විදේශයන්ට විවෘත කරමින් අාණ්ඩුව මේ ගමන් කරන්නේ මුලුමුනින්ම නව ලිබරල්කරණය වූ ජන පීඩක අාර්ථික ප්‍රතිපත්තියක් බව ඉතා පැහැදිලිය.
ඉදිරියට පැහැදිලි ගැටලුවක් අැත. මෙම විනාශකාරී අයවැය පරාජය කිරීම පාර්ලිමේන්තුව තුළ සිදුවීමේ සම්භාවිතාව සහමුලින්ම අවහිර වී අැත. හවුල් අාණ්ඩුව ඉතා ශක්තිමත්ය. දැන් මෙම විනාශකාරී අයවැය පරාජය කර අයිතීන් දිනා ගැනීම සහමුලින්ම බැර වන්නේ පාලනය පත්කර ගැනීමට දායක වූ දායක නොවූ ජනතාවටමය. මහපොලොවේ අරගලයෙන් තොරව තම අයිතින් දිනා ගැනීමටත් විනාශකාරී ගමන වැළැක්වීමටත් ජනයා පෙළගැසීම වහා සිදුවිය යුතුය.
Subscribe to:
Posts (Atom)