Wednesday, December 16, 2015

අාදරණිය වික්ටෝරියා


.
බ්‍රිතාන්‍ය පාලන සමය තුළ ශ්‍රී ලංකාව තුළ බිහි වී වර්ධනය වන පසුකාලීනව රටේ පාලන බලය සදහා පැමිණෙන මධ්‍යම පංතියේ කතාන්දරයයි.                            රාජාණ්ඩු ක්‍රමය අහෝසි කිරිමෙන් පසු ශ්‍රී ලංකාව තුළට උත්තරාරෝපිත කළ ධනවාදය නිසා සමාජ අවශ්‍යතාවයෙන් තොරව ස්වාධිනත්වයේන් තොරව බිහිව වර්ධනය වූ සමාජ අාර්ථික දේහය නිසා ඒ ඒ එෙතිහාසික යුගයන්හිදි නිෂ්පාදන ක්ෂේත්රයේ සංවර්ධන මට්ටම ලගා කරගනු වෙනුවට උත්තරාරෝපිත ධනවාදයේ අනිවාර්ය ප්‍රථිඵලයක් වන බේබදුකම හරහා විවෘතවන අරක්කු වෙළදපොළ තුළ බිහි වී වර්ධනය වන පසුකාලීනව රටේ පාලන බලය ලබා ගැනීම සදහාද මංපෙත් විවෘත කරගන්නා ස්වදේශිය මධ්‍යම පංතියේ එක් කාල පරිච්ඡේදයක් මෙහි විස්තර කෙරේ.

          

                                 බ්‍රිතාන්‍ය පාලකයන්ගේ අාශිර්වාදය මත මෙම වෙළදපොල තුළ පැවතීම වර්ධනය වීම රදා පවතින නිසා මෙම පංතිය උපතේ සිටම පරගැති මානසිකත්වයෙන් යුක්තය. ක්‍රමක්‍රමයෙන් බටහිර අැදුම් පැලදුම්වලට හුරු වීම, ඉංග්රීසි කතා කිරිම, බ්‍රිතාන්‍ය සිරිත් විරිත් සරණ යාම මගින් තමන්ද සැබෑ ලෙසම බ්‍රිතාන්‍ය හිතවාදී පමණක් නොව සැබැවටම බ්‍රිතාන්‍යන් බවට ප්රදර්ශනය කරන අාකාරය පෙන්වයි. තවද තමන්ට සැබෑ ලෙස අයිති නොවන ධනය බලය කීර්තිය සදහා සුජාතභාවයක් ලබා ගැනීමට අාගම සමග දක්වන ව්‍යාජ සබදතාව, සමාජ සේවය සදහා දක්වන උනන්දුව මෙම පංතියේ සැබෑ ව්‍යාජත්වය පෙන්නුම් කරයි. ධනය බලය සදහා අද මෙන්ම එදා පංතියද අපරාධ, මනුෂ්‍ය ඝාතන සිදුකරයි. හීනමානෙයෙන් යුතුව කීර්තිය ප්‍රසංසාව පසුපසම දිවයන මොවුන් ලාංකේය සමාජයේ උප්පත්තියේ දේෂය නිරූපණය කරයි. ජාතියක් වශයෙන් පසුගාමී තත්වයට අැදවැටී සමාජ ඛේදවාචකයන්ගෙන් පිරිගිය රාජ්‍යයක් බිහිවීමට හේතුව මෙම උප්පත්තියේ දෝෂයයි.   


               ජාතියේ අවාසනාවට 'හම සුදු පැහැ' වූ බ්‍රිතාන්‍යන්ගෙන් පසු මෙරට පාලනයට පත්වන්නේද මෙම ' හම කලු පැහැ' වූ බ්‍රිතාන්‍යන්ය. බ්‍රිතාන්‍ය ගැති වීමට සිරිත් විරිත් අාගම භාෂාව බ්‍රිතාන්‍ය පන්නයට හැඩගැසෙන මොවුන් බ්‍රිතාන්‍යන්ගෙන් පසු රටේ පාලනයට පැමිණිම සදහා නැවත දේශීය අැදුම් පැළදුම් සිරිත් විරිත් අාගම භාෂාව පලිහක් කරගන්නා අාකාරයෙන් කතාව තුළ ඉස්මතු කරන ඉහත කාරණා යළි යළිත් සනාථ වේ. මෙම පංතිය උපතින්ම ව්‍යාජත්වය තුලින් සිය බලය ධනය කීර්තිය පවත්වා ගන්නා බව ඉතා හොදින් පෙන්නුම් කරයි.      


         "ඒ විරූපි සත්ත්වයා දෙස බලා සිටීම සැබවින්ම අපුලක් විය. උෟ උගේ මව මරා උපන් බව අැත්තය. එහෙත් මව මරා උපන් පළියට උෟ මරා දැමීම පව්කාරී වැඩකි. අනෙක් අතට උගේ 'උත්පත්ති දෝෂයට' උගේ දෙමව්පියන් වරදකරුවන් වනවා මිස උෟ එයට පළි නැත. එබැවින් උෟ දිහා නැවත වරක් නොබලා ලීනා එතනින් වහා ඉවතට ගියත් උෟ රැක බලාගැනීම පිණිස 'සේවකයන්' දෙදෙනකු යෙදවීමට කටයුතු කළාය"

     මේ පවසන්නේ ලාංකේය සමාජ දේහයේ උප්පත්ති දෝෂයයි. අවසානයේදී සමස්ත කතාව අතැඹුලක් සේ මෙසේ ප්රකාශ කරයි.

     "කෙසේ හෝ මේ දවසේම රාත්‍රියේ තවත් අහඹු සිද්ධියක් සිද්ධ වී තිබුණේය. එනම් කොළඹ මහමුදලි වලව්වේ මහමුදලි සොලමන් බණ්ඩාරණායකගේ බිරිද ඩේසි ඔබේසේකර පිරිමි දරුවකු ප්‍රසූත කළාය. සර් ජෝසප් වෙස්ට් රිජ්වේ ඉංග්රීසි අාණ්ඩුකාරවරයාගේ අතිශයින්ම 'විශ්වාසවන්ත කුලුපග සේවකයකු' වූ මහමුදලි බණ්ඩාරනායක සිය කුලුදුල් පිරිමි දරුවාට සිය නමේ සොලමන් ඩයස් යන කොටසත්, ඉංග්රීසි අාණ්ඩුකාරවරයාගේ වෙස්ට් රිජ්වේ යන කොටසත් එකට එක්කොට සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක නමින් නම් තැබුවේ ඊට දින කීපයකට පසුවය"

No comments:

Post a Comment