Thursday, November 2, 2017

මවුවරුන්ගේ, දියණියන්ගේ සහ අරගලකාරියන්ගේ කතාවක් : Suffragette

 ඉතිහාසයක් පුරා මිනිසුන්  අයිතීන් යම් පමණකින් හෝ දිනා ඇත්තේ සටන් කරමින්, කැප කිරීමෙන් බව නොරහසකි. මිනිස් සමාජයේ විවිධ  යුගයන්හි විවිධාකාරයෙන් පීඩාවට පත් වූ මිනිසා ධනවාදය හමුවේද අනවරත අරගලයක නිරතවෙමින් සිටියි. කාන්තාවද ඉතිහාසයක් පුරා අනේකවිධ දුක්පීඩා වීද ඇත. කාන්තා අයිතීන්  දිනාගනිමද ඉතිහාසයක් පුරා දුෂ්කර කාල වකවානු පසු කරමින් ඉදිරියට පැමිනි අතර අදද දිනාගත යුතු බොහෝ දේ ඉතිරිව ඇත. යුරෝපයේ වැඩවසම් සමාජය බිඳවැටී ධනවාදය කරළියට පැමිණිමත් සමඟ දේශපාලන පක්ෂද කරළියට පැමිණීම දක්නට ලැබුණි. ආරම්භයේදී ඡන්ද අයිතිය හිමි වුයේ ධනය හා බලය හිමි ඉතා සුළු පිරිසක් පමණි. විවිධාකාර අරගල ඔස්සේ වැඩකරන කම්කරු ජනයාට ඡන්ධ අයිතිය දිනාගත හැකි වුවත් එහිදීද කාන්තාව නොසලකා හරින ලදී.

දේශපාලනය පිලිබඳ තීරණ ගැනීමට තරම් උචිත මානසික තත්ත්වයක් කාන්තාවක් සතු නොවන බව දිගින් දිගටම ප්‍රකාශ කරමින් කාන්තාවගේ දේශපාලන අයිතිය යටපත් කිරීමට පාලකයන් කටයුතු කරන ලදි. මෙසේ දශක ගණනාවක් නොසලකා හරින ලද සිය අයිතිය දිනාගැනීමට විවිධාකාර ප්‍රජාතන්ත්‍රවාදී අරගල ඔස්සේ ගමන් කරමින් විසඳුමක් නොමැති වූ තැන ‘සිවිල් නීති කඩ කිරීමේ ‘ ව්‍යාපාරයක් දියත් කිරීමට 'Suffragette’ නමින් සංවිධානයක් බ්‍රිතාන්‍යයේ බිහිවිය. මිනිත්තු 106ක් පුරා දිගහැරෙන 2015 වසරේ නිකුත් වූ 'Suffragette' සිනමා නිර්මාණය ගෙත්තම් කරන්නේ 1912-1913 වකවානුවේ ඉහත සංවිධානයේ ක්‍රියාකාරිත්වය අළලායි.Sarah Gavron විසින් අධ්‍යක්ෂණයෙන්ද, Abi Morun විසින් රචනයෙන්ද, Alison Owen සහ Faye Ward විසින් නිෂ්පාදනයෙන්ද දායක වීම තුළද Suffragette හි ඇත්තේ සුවිශේෂත්වයකි. ඒ අදාල වගකීම් සියල්ල කාන්තාවන් විසින්ම දැරීමයි.

Suffragette හි ප්‍රධාන චරිතය වන Maud Watts සඳහා පණ පොවන්නේ සම්මානනීය තරුණ රංගන ශිල්පිනියක් වන Carey Mulligan ය. Maud Watts ගේ සැමියා ලෙස පෙනී සිටින Sonny Watts සඳහා දායක Ben Whishaw වන අතර කර්මාන්ත ශාලාවේ මිතුරිය වන Violet Hiller වෙනුවෙන්  Anne-Marie Duff ද රංගනයෙන් දායක වේ. මෙහි ප්‍රධාන චරිතය Maud Watts රචකයාගේ ප්‍රබන්ධ  චරිතයකි. කාන්තා ව්‍යාපාරයේ ක්‍රියාකාරිත්වය, සමාජ ආර්ථික පීඩනය, පාලකයන්ගෙන් එල්ලවන මර්දනය, කාන්තාව පත්ව ඇති දුක්ඛිත තත්ත්වය සිනමා නිර්මාණයේ වියමනක් ලෙසින් ගැටගසන්නේ Maud Watts හරහා ය. එනම් සියලු සිද්ධීන් අන්තර්සම්බන්ධ කරන චරිතය ඇයයි. කතාව ආරම්භ වන්නේ ඵ්මා උ්එඑි’  සේවය කරන Glass House නම් රෙදි පිරිසිදු කරන කර්මාන්තශාලාවෙන්ය. රෙදි තම්බා පිරිසිදු කර, සෝදා, වේලා, නැවත සිනිඳු සළු ලෙසින් නිමවීම ඔවුන්ගේ කාර්යයි. පිලිස්සුණු දෑත්, පුපුරාගිය ඇඟිලි, දැඩි වෙහෙසින් වගුරන දහඩිය ඔස්සේ සිනමාකරු සිය කතාන්දරය අරඹයි.



මෙහි නිරූපණය කරන්නේ අදින් සියවසකටත් පෙර සමාජයක් බැවින් මිනිසාද ඇතුළුව සියලු භෞතික දේ අදාළ යුගයටම අනුරූප වන සේ යොදාගැනීමට සමත්ව ඇතිබව පැවසිය යුතුය. ඇඳුම් පැළඳුම්, නිවාස, මං මාවත්, නගර, කර්මාන්තශාලා, සියවසකට එහා සමාජ ජීවිතය අප ඉදිරියේ සජීවීව ප්‍රතිනිර්මාණය කිරීමට සිනමාකරුවා දැරූ ප්‍රයත්නය සිනමාවට පමණක් නොව එදා සටන් කළ කාන්තාවන් වෙනුවෙන්ද කළ යුක්තිය ඉෂ්ට කිරීමක් බව පැවසිය යුතුමය. Suffragette රචනා කළ Abi Morgan ව මෙහිදී විශේෂයෙන් සිහිපත් කළ යුතුය. මන්ද, චලනරූප ඔස්සේ අප තුළට පරාවර්තනය කරන සිදුවීම් මාලාව වඩ වඩාත් ප්‍රභලව කාවද්දන දෙබස් මාලාවක් නිර්මාණය පුරාවට ප්‍රේක්ෂකයා හමුවට ගෙන ඒමයි. සමාජ අසාධාරණය, නොසලකා හැරීම, පහත්කොට සැලකීම, ලිංගික අතවර, ගෘහස්ථ පීඩනය ආදී කාන්තාවට අත්වන සියලු ආකාරයේ පීඩාවන් වඩාත් සංවේදීව ප්‍රේක්ෂකයා ඉදිරියේ මූර්තිමත් කිරීමට දෙබස් සංයෝජනය මහඟු කාර්යයක් ඉටුකර ඇතිබව ද රසවින්දනයේ ඉහළ තලයකට ප්‍රේක්ෂකයා ඔසවා තබා ඇති බවද මෙහිදී නිරීක්ෂණය කළ හැකිය.


රංගනයේදී දක්වා ඇති ඉතා විශිෂ්ට හැකියාවද මෙහිදී අගය කළ යුතුමය. Maud Watts ගේ චරිතය සඳහා පණ පොවන Carey Mulligan මවක් ලෙසත්, බිරිඳක් ලෙසත්, සේවිකාවක් ලෙසත්, අයුක්තියට එරෙහිව නැගී සිටින වීර්යවත් කතක් ලෙසත්, මිතුරියක් ලෙසත් නිර්මාණය පුරාවට සිය දායකත්වය උපරිමයෙන් ලබා දී ඇති බව සහතිකය. සෙසු චරිත අතර Eddith Ellyn ලෙස හමුවන Helena Bonham Carter ද ඉතා විශිෂ්ට රංගනයක යෙදෙයි. Maud ඇතුළු කණ්ඩායමට නායකත්වය සපයන්නේ ඇයයි. ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් වරින් වර පොලිස් අත්අඩංගුවට පත්වන ඇය ඉතා දුෂ්කර කාල වකවානු මධ්‍යයේ වුවත් නොසැලී සිය අරමුණ වෙනුවෙන් සියලු ආකාරයේ කැපකිරීම් කරමින් සිටියි.




සමාජ අසාධාරණයන් අභිමුව ඕනෑම කැපකිරීමක් ඔස්සේ හෝ යුක්තිය ඉල්ලා සටන් කිරීමට කාන්තාවන් පෙළඹුණු අයුරු පෙන්වමින් දිගහැරෙන Suffragette අවසානය සටහන් කරන්නේ තමන්ගේ ඉල්ලීම නෑසුනු ලෙසින් සිටින පාලකයන්ගේ දෑස් කන් විවර කරවීමටත් සමාජයේ අවධානය දිනාගැනීමටත් ගන්නා උත්සාහයකින් අවාසනාවන්ත ලෙස මිය යන Emily Davison ගේ මරණය හා අවසන් ගෞරව සහිත අවමංගල්‍ය පාගමනෙනි. මෙසේ දුෂ්කර හා දීර්ඝකාලීන අරගලයන්ගේ ප්‍රතිඵලයක් ලෙස 1918දී වයස අවුරුදු 30ට වැඩි කාන්තාවන් සඳහා ඡන්ද අයිතිය ලබා දීමට පාලකයන්ට සිදු වන අතර පූරුෂයාට සමාන ඡන්ද හිමිකම ලැබෙන්නේ තවත් දස වසරකිනි.



ඉපදුනු නිසා ජීවත් වන, මිය යා නොහැකි නිසා දිවි ගැට ගසන බහුතරයක් අතර ජීවිතයට අරුතක් එක් කිරීමට, අරගලය නිසා තමන් ජීවත්වන බව තේරුම් ගත් දිරිය කතුන්ගේ මෙම කතාව ස්ත්‍රිය දිරිමත් කිරීමටත්, අරගලයන්ට ජීවය සැපයීමටත් ආධ්‍යාත්මික අවියක්ම වන්නේය.

Wednesday, November 1, 2017

මියන්මාරය : ජාත්‍යන්තරකරණය වන රෝහින්ග්‍යා ගැටළුව


මියන්මාරයේ රෝහින්ග්යාවරුන්ගේ ගැටළුව මේ දිනවල ජාතිකවත් ජාත්‍යන්තරවත් සාකච්චාවට ලක්වෙමින් තිබේ. ශ්‍රී ලංකාව තුළ විවිධ දේශපාලන බලවේග හා කණ්ඩායම්ද දකුණු ආසියානු කලාපයේ සියලු රටවල ආණ්ඩු මෙන්ම වාමාංශික පක්ෂද, එක්සත් ජනපදය ද, එක්සත් ජාතීන්ගේ සංවිධානයද, මේ පිළිබඳව විවිධ අයුරින් ප්‍රතිචාර දක්වා තිබේ. මේ අතර ඇතැම් ප්‍රතිචාරයන් ජාතිවාදී ප්‍රවේශයන් වන අ
තර සමහර ප්‍රතිචාරයන් අධිරාජ්‍යවාදී ඇත පෙවීම්වලට ආරාධනා කෙරෙන ප්‍රතිචරයන්ද වී තිබේ.

රෝහින්ග්‍යවරුන්ගේ ප්‍රශ්නය පසුගිය වසර දෙක තුළදීත් වරක් උත්සන්න වුවද මෙම ප්‍රශ්නයට දශක ගණනාවක ඉතිහාසයක් ඇත.

සංඛ්‍යාවෙන් මිලියන 1-1.3 ක් පමණ වූ රෝහින්ග්‍යවරුන් බහුලව වයඹදිග මියන්මාරයේ රක්හින් පළාතේය. රක්හින් පළාත උතුරින් බංග්ලාදේශයටත් ඉන්දියාවටත් මායිම් වන අතර බටහිරින් ඉන්දියන් සාගරයෙන් මායිම් වී ඇත. මෙම පළාතේ බහුතර ජනතාව බෞද්ධාගමික මියන්මාර් වැසියන්ය. රෝහින්ග්‍යවරුන් සුළුතරයයි. රෝහින්ග්‍යා භාෂාව කථා කරන රෝහින්ග්‍යවරුන්ගෙන් බහුතරය ඉස්ලාම් භක්තිකයන්ය. සුළු පිරිසක් හින්දු භක්තිකයන්ය. දශක ගණනාවක් පුරා මියන්මාරයේ ජිවත් වුවද, මියන්මාරය ඔවුන් සිය පුරවැසියන් ලෙස නොසලකයි. මියන්මාර පාලකයෝ රෝහින්ග්‍යවරුන් බංගලිදේශයෙන් පැමිණි නිති විරෝධී සංක්‍රමණිකයන් ලෙස හඳුන්වති. බංගලිදේශය හා ඉන්දියාව ඔවුන් තම රටවල පුරවැසියන් ලෙස නොපිළිගනී. මේ නිසා ඔවුහු කිසිදු රටක පුරවැසිභාවය නොලබා ජිවත්වන ජන කොටසක් බවට පත්වී සිටිති. එතැනින් නොනැවතී ඔවුන්ට මියන්මාරයේ බෞද්ධාගමික ජාතිවාදීන්ගේ නිරන්තර පිඩනයට හා ප්‍රහාරයට ලක්වී ජිවත් වීමට සිදු වී තිබේ.


දෙවන ලෝක යුද්ධ සමයේදී එවකට බුරුමය ලෙස හැඳින්වූ මියන්මාරයේ බෞද්ධ පාලනය ජපානයට සහය පළ කළද රෝහින්ග්‍යා ජනතාව බ්‍රිතාන්‍යයට සහය පළකර තිබුණේ ඔවුන්ට වෙනම රාජ්‍යයක් ලබාදීමේ පොරොන්දුව පිටය. යුද්ධයෙන් පසුව එය ලබා නොදුන් අතර නැගෙනහිර පකිස්ථානයට තමන් සම්බන්ධකර ගන්නා ලෙස ඔවුන් කළ ඉල්ලීමද අලි ජින්නා ප්‍රතික්ෂේප කළේය. 1948 සිට 1961 පමණ වනතුරු රෝහින්ග්‍යා මුජහිදින්වරු වෙනම රාජ්‍යයක් උදෙසා සටන් වැදුණහ. ඔවුන්ගේ අරමුණ වුයේ මියන්මාරයෙන් වෙන්වී නැගෙනහිර පකිස්ථානය සමග එක්වීමයි. මියන්මාර රජයේ හමුදා මෙහෙයුම් පරාජයවූ ඔවුහු රජයට අවි භාරදී සිය සටන අත්හැරියෝය. පසුව 1972 දී මුජහදින්වරුන්ගේ නායකයෙකුගේ ප්‍රධානත්වයෙන් රෝහින්ග්‍යා විමුක්ති පක්ෂය ගොඩනගනු ලැබුණි. මේ සංවිධානයද විසිරුවා හැරීමට සිදු වූ අතර 1974 දී එහි නායකයකුගේ ප්‍රධානත්වයෙන් රෝහින්ග්‍යා දේශප්‍රේමී පෙරමුණ පිහිටුවනු ලැබිණි.1978 දී මියන්මාර පාලනය එකී අරගලයට එරෙහිව ක්‍රියාත්මක කළ යුදමය මෙහෙයුමත් සමග මේ ආකාරයෙන්මැ සරණාගත ප්‍රශ්නයක් උද්ගත විය. රෝහින්ග්‍යා දේශප්‍රේමී පෙරමුණෙන් කැඩීගිය කොටසක් විසින් රෝහින්ග්‍යා සහයෝගිතා සංවිධානය පිහිටවනු ලැබුවේ 1982 දිය. පසුව 1998 දී අරකාන් රෝහින්ග්‍යා ඉස්ලාම් පෙරමුණ හා රෝහින්ග්‍යා සහයෝගිතා සංවිධානය ගොඩනගනු ලැබිය. ඒ යටතේ පිහිටවූ රෝහින්ග්‍යා ජාතික හමුදාව මේ වන විට රෝහින්ග්‍යවරුන්ට වෙනම රාජ්‍යයක් දිනා ගැනීම සඳහා සටන් වැද සිටියි. ලොව පුරා විහිදුනු මුස්ලිම් අන්තවාදී සංවිධාන මෙම සටන සඳහා විවිධාකාරයෙන් සහය ලබාදෙමින් තිබේ.

රෝහින්ග්යාවරුන්ගේ ගැටළුව මේ මොහොතේදී ජාත්‍යන්තර වශයෙන් විශාල අවධානයක් දිනාගෙන තිබෙන්නේ එය හුදෙක් මියන්මාර් පාලනයේ හෝ රෝහින්ග්යාවරුන් අතර ප්‍රශ්නයක් නොවී ඉන් ඔබ්බටද වර්ධනය වී ඇති නිසාය. එය බංගලිදේශය හා ඉන්දියාව වැනි රටවල සරණාගත ප්‍රශ්නයක් බවට පත්වී ඇත. එතනින් නොනැවතී එය ලෝක ආර්ථික හා දේශපාලන බලවතුන්ගේ වුවමනාවන් ගැටෙන තැනක් බවටද පත් වී තිබේ.

රක්හින් පළාත චීනය ගොඩනගන නව සේද මාවතේ මර්මස්ථානයකි. රක්හින් පළාතේ ක්යුපියු ප්‍රදේශය මෙහිදී විශේෂ වැදගත්කමක් දරයි. ක්යුපියු වරායේ සිට චීනයේ කුන්මින් දක්වා ගොඩනගා ඇති කි.මි. 2806 ක් දිගැති ගෑස් නල මාර්ගය චීනයට විශේෂයෙන් වැදගත් වේ. එමගින් මලක්කා සමුද්‍ර සන්ධිය මඟහරිමින් මැදපෙරදිග ස්වභාවික වායු හා ඛනිජතෙල් චීනය වෙත ගෙන යා හැකි බැවිනි. ඊට අමතරව චීනයේ මුලිකත්වයෙන් රටවල් හයක සමාගම් එක්වී ගොඩනගා ගත සන්ගතයක් ක්යුපියු වරාය සංවර්ධනය කරමින් සිටියි. තවද ඒ මගින් මෙම ප්‍රදේශය විශේෂ ආර්ථික මධ්‍යස්ථානයක් ලෙසද ගොඩනගමින් සිටියි. මේ නිසා රෝහින්ග්‍යා ප්‍රශ්නය චීනයට මගහැර යා නොහැකි ගැටලුවකි.

යුරෝපය හා එක්සත් ජනපදය මෙම ගැටළුව ‘මානුෂිය අර්බුදයක්’ (Humanitarian Crisis) ලෙස හඳුන්වා දී ඇත. එහි අනෙක් අර්ථය වන්නේ, මෙම ගැටළුව කිසියම් රටක ස්වාධීනත්වය නොසකලා ජාත්‍යන්තර වශයෙන් මැදිහත්විය යුතු තත්වයක් දක්වා වර්ධනය වී ඇති බවය.

එක් පසෙකින් රෝහින්ග්‍යා වැසියන්ගේ අයිතිවාසිකම් පිලිබඳ ප්‍රශ්නයක් වන මෙය අනෙක් අතින් රෝහින්ග්‍යවරුන් හා බෞද්ධ අන්තවාදීන් අතර ගැටුමක්ද වී තිබේ. එහෙත් ඒ අතරම එතනින් නොනැවතී එක් එක් රටවල හා ලෝක ආර්ථික හා දේශපාලන බලවතුන්ගේ උවමනාවන් අතර ගැටුම් ඇති කෙරෙන තැනක් බවටද මෙය පත්වී ඇත. එබැවින් මෙම ප්‍රශ්නය සම්බන්ධයෙන් උනන්දුව දක්වන හා ප්‍රතිචාර දක්වන පාර්ශවයන් එය සිදුකරමින් සිටින්නේ ප්‍රශ්නය තමන්ට බලපාන ආකාරයට අනුව බව පෙනෙන්නට තිබේ.

වර්ධනය වන තත්වය පිලිබඳ මත පළකරන දේශපාලන විචාරකයන් සමහර දෙනෙක් රෝහින්ග්‍යා ගැටළුව ආසියානු කලාපයේ යුගොස්ලෝවියව බවට පත්විය හැකියයි අනතුරු අඟවා තිබේ. ඔවුන් පවසන ආකාරයට එක්සත් ජනපදයත් යුරෝපයත් මෙම ගැටළුව මානුෂිය අර්බුදයක් ලෙස විග්‍රහ කරමින් අවශ්‍ය තත්ත්වයන් සකසා ගන්නේ ජාත්‍යන්තර යුදමය මැදිහත් වීමක් සඳහාය. අවසානයේ රක්හින් පළාත කොසෝවෝ මෙන්ම එක්සත් ජනපද මර්මස්ථානයක් බවට පත්කර ගැනීම සඳහාය.

චීනයේ අදහස වී ඇත්තේ මෙම ප්‍රශ්නය මියන්මාරය විසින් විසඳාගත යුතු ගැටළුවක් බවයි. ඒ අතරම එය සාකච්චාවෙන් හා සම්මුතියෙන් විසඳාගත යුතු ප්‍රශ්නයක් බවද ඔවුහු පවසති. ඒ අතරම මේ නිසා මේ ප්‍රශ්නය යුගොස්ලෝවියාවේ මතුවූ තත්වය දක්වා වර්ධනය නොවනු ඇතැයි බොහෝ දෙනෙකු අපේක්ෂා කරයි.

රෝහින්ග්‍යාවරුන්ගේ ප්‍රශ්නය බැලු බැල්මට පෙනෙන හුදු අයිතිවාසිකම් පිලිබඳ එහෙත් නැත්නම් හුදු ජාතික ගැටලුවට වඩා වැඩි යමක් බවට මේ වනවිටත් වර්ධනය වී ඇති බව පෙනේ. මේ නිසා මෙම ගැටලුවට විසඳුම් සෙවීමේදී එක් පසෙකින් රෝහින්ග්යාවරුන්ගේ අයිතීන් ආරක්ෂා වන අතරම අනෙක් පසින් අධිරාජ්‍යවාදයට මෙම ප්‍රශ්නය දඩමීමා කර ගනිමින් සිය ආර්ථික, දේශපාලන හා යුදමය වුවමනාවන් ඉටුකර ගැනීමට ඉඩනොදෙන්නාවූ එකක් විය යුතුය.
-නියමුවා,
2017 ඔක්තෝබර්

Thursday, June 9, 2016

68 වසරක ශේෂ පත්‍රය


     රටට ඉතුරු වෙලා තියෙන එකම ආදායම් මාර්ගය මැදපෙරදිග බැල මෙහෙවර කියල ප්‍රසිද්ධියෙම කියන්ඩ සිද්ද වෙලා. හැබැයි තලතා අතුකෝරාල මේක කීව හින්දා, වයස් සීමාව පල්ලට දාන්ඩ හදපු හින්දා මේක මේ ආණ්ඩුවෙ විතරක් ඇගේ ගහල පැත්තකට වෙන්ඩ කාටවත් බෑ. මේ අාණ්ඩුවත් අැතුළුව මේ වෙනකම් රට පාලනය කරපු එජාප, ශ්‍රිලනිප පක්ෂ දෙක සහ ඒ අය එදා ඉදල පාලනයෙ තියපු අපි හැමෝගෙම පවුල් පරම්පරා පිටින් මේකට වගකියන්ඩ ඕනෙ.

      උපාධි කරල, රස්සා කරල නැත්තන් බිස්නස් කරලා ලොකු ගෙවල් හදාන වාහනයක් අරන් 'අපි හම්බ කරගත්තොත් අපිට' කියල ජීවත් වෙන්ඩ ගියාට ලෝකෙන් ණයට කන රටේ අපිට කන්ඩ ඩොලර් හොයන්නෙත් අධ්‍යාපනයක් ලබන්ඩ බැරි වෙච්ච, ජීවත් වෙන්ඩ, දරුවො ජීවත් කරන්ඩ බැරුව රට යන අම්මා අක්කා කියල අමතක කරන්ඩ එපා. ලංකාවෙ ආර්ථිකේම දුවන්නෙ අධ්‍යාපනයක් නැති, හොද සමාජ පසුබිමක් නැති කාන්තාවො හින්දා. මැදපෙරදිග බැලමෙහෙවරයි, වත්තෙ තේ දල්ලයි.

        පරම්පරාවෙන් උරුම වෙන හැමදේම එක්ක දේශපාලනෙත් ගන්ඩ එපා. අද වෙන දේවල් බලන්ඩ. ඒවට හේතු හැදුනෙ, හැදුවෙ කවුද බලන්ඩ. වෙනස් කරන්ඩ අවශ්‍යද නැද්ද බලන්ඩ. රජවරු හදන්ඩ යන්ඩත් එපා. රජවරු කියන්නෙ මිනිස්සුන්ගෙ හැමදේම උදුරගන්න තක්කඩි පීඩකයො කොටසක් විතරයි.


         නිවැරදි විකල්පය තෝරන එක තමන්ගෙ වැඩක්. මෙච්චරකල් අවස්ථාව දීලත් කරගන්ඩ බැරුව, ප්‍රශ්න තව තව උග්‍ර කරපු, අළුත් අර්බුදවලින් පුරවපු කණ්ඩායම්වලට ආයෙ දීල බලන්ඩ ඕනෙද. බින්දුවට තව බින්දු කොච්චර එකතු කරත් උත්තරේ බින්දුවම තමා.

Wednesday, December 16, 2015

අාදරණිය වික්ටෝරියා


.
බ්‍රිතාන්‍ය පාලන සමය තුළ ශ්‍රී ලංකාව තුළ බිහි වී වර්ධනය වන පසුකාලීනව රටේ පාලන බලය සදහා පැමිණෙන මධ්‍යම පංතියේ කතාන්දරයයි.                            රාජාණ්ඩු ක්‍රමය අහෝසි කිරිමෙන් පසු ශ්‍රී ලංකාව තුළට උත්තරාරෝපිත කළ ධනවාදය නිසා සමාජ අවශ්‍යතාවයෙන් තොරව ස්වාධිනත්වයේන් තොරව බිහිව වර්ධනය වූ සමාජ අාර්ථික දේහය නිසා ඒ ඒ එෙතිහාසික යුගයන්හිදි නිෂ්පාදන ක්ෂේත්රයේ සංවර්ධන මට්ටම ලගා කරගනු වෙනුවට උත්තරාරෝපිත ධනවාදයේ අනිවාර්ය ප්‍රථිඵලයක් වන බේබදුකම හරහා විවෘතවන අරක්කු වෙළදපොළ තුළ බිහි වී වර්ධනය වන පසුකාලීනව රටේ පාලන බලය ලබා ගැනීම සදහාද මංපෙත් විවෘත කරගන්නා ස්වදේශිය මධ්‍යම පංතියේ එක් කාල පරිච්ඡේදයක් මෙහි විස්තර කෙරේ.

          

                                 බ්‍රිතාන්‍ය පාලකයන්ගේ අාශිර්වාදය මත මෙම වෙළදපොල තුළ පැවතීම වර්ධනය වීම රදා පවතින නිසා මෙම පංතිය උපතේ සිටම පරගැති මානසිකත්වයෙන් යුක්තය. ක්‍රමක්‍රමයෙන් බටහිර අැදුම් පැලදුම්වලට හුරු වීම, ඉංග්රීසි කතා කිරිම, බ්‍රිතාන්‍ය සිරිත් විරිත් සරණ යාම මගින් තමන්ද සැබෑ ලෙසම බ්‍රිතාන්‍ය හිතවාදී පමණක් නොව සැබැවටම බ්‍රිතාන්‍යන් බවට ප්රදර්ශනය කරන අාකාරය පෙන්වයි. තවද තමන්ට සැබෑ ලෙස අයිති නොවන ධනය බලය කීර්තිය සදහා සුජාතභාවයක් ලබා ගැනීමට අාගම සමග දක්වන ව්‍යාජ සබදතාව, සමාජ සේවය සදහා දක්වන උනන්දුව මෙම පංතියේ සැබෑ ව්‍යාජත්වය පෙන්නුම් කරයි. ධනය බලය සදහා අද මෙන්ම එදා පංතියද අපරාධ, මනුෂ්‍ය ඝාතන සිදුකරයි. හීනමානෙයෙන් යුතුව කීර්තිය ප්‍රසංසාව පසුපසම දිවයන මොවුන් ලාංකේය සමාජයේ උප්පත්තියේ දේෂය නිරූපණය කරයි. ජාතියක් වශයෙන් පසුගාමී තත්වයට අැදවැටී සමාජ ඛේදවාචකයන්ගෙන් පිරිගිය රාජ්‍යයක් බිහිවීමට හේතුව මෙම උප්පත්තියේ දෝෂයයි.   


               ජාතියේ අවාසනාවට 'හම සුදු පැහැ' වූ බ්‍රිතාන්‍යන්ගෙන් පසු මෙරට පාලනයට පත්වන්නේද මෙම ' හම කලු පැහැ' වූ බ්‍රිතාන්‍යන්ය. බ්‍රිතාන්‍ය ගැති වීමට සිරිත් විරිත් අාගම භාෂාව බ්‍රිතාන්‍ය පන්නයට හැඩගැසෙන මොවුන් බ්‍රිතාන්‍යන්ගෙන් පසු රටේ පාලනයට පැමිණිම සදහා නැවත දේශීය අැදුම් පැළදුම් සිරිත් විරිත් අාගම භාෂාව පලිහක් කරගන්නා අාකාරයෙන් කතාව තුළ ඉස්මතු කරන ඉහත කාරණා යළි යළිත් සනාථ වේ. මෙම පංතිය උපතින්ම ව්‍යාජත්වය තුලින් සිය බලය ධනය කීර්තිය පවත්වා ගන්නා බව ඉතා හොදින් පෙන්නුම් කරයි.      


         "ඒ විරූපි සත්ත්වයා දෙස බලා සිටීම සැබවින්ම අපුලක් විය. උෟ උගේ මව මරා උපන් බව අැත්තය. එහෙත් මව මරා උපන් පළියට උෟ මරා දැමීම පව්කාරී වැඩකි. අනෙක් අතට උගේ 'උත්පත්ති දෝෂයට' උගේ දෙමව්පියන් වරදකරුවන් වනවා මිස උෟ එයට පළි නැත. එබැවින් උෟ දිහා නැවත වරක් නොබලා ලීනා එතනින් වහා ඉවතට ගියත් උෟ රැක බලාගැනීම පිණිස 'සේවකයන්' දෙදෙනකු යෙදවීමට කටයුතු කළාය"

     මේ පවසන්නේ ලාංකේය සමාජ දේහයේ උප්පත්ති දෝෂයයි. අවසානයේදී සමස්ත කතාව අතැඹුලක් සේ මෙසේ ප්රකාශ කරයි.

     "කෙසේ හෝ මේ දවසේම රාත්‍රියේ තවත් අහඹු සිද්ධියක් සිද්ධ වී තිබුණේය. එනම් කොළඹ මහමුදලි වලව්වේ මහමුදලි සොලමන් බණ්ඩාරණායකගේ බිරිද ඩේසි ඔබේසේකර පිරිමි දරුවකු ප්‍රසූත කළාය. සර් ජෝසප් වෙස්ට් රිජ්වේ ඉංග්රීසි අාණ්ඩුකාරවරයාගේ අතිශයින්ම 'විශ්වාසවන්ත කුලුපග සේවකයකු' වූ මහමුදලි බණ්ඩාරනායක සිය කුලුදුල් පිරිමි දරුවාට සිය නමේ සොලමන් ඩයස් යන කොටසත්, ඉංග්රීසි අාණ්ඩුකාරවරයාගේ වෙස්ට් රිජ්වේ යන කොටසත් එකට එක්කොට සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක නමින් නම් තැබුවේ ඊට දින කීපයකට පසුවය"

Saturday, December 12, 2015

වෙනසක් නොවූ 'වෙනස'


     

  දූෂණ වංචාව වැළැක්වීම,, ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරිම වදන්වලින් කන් පිරීගිය ජනාධිපතිවරණ මැතිවරණයක් අවසන් වී දැනට වසරක් පමණ ගතවී අැත. සැබෑ ලෙසම පැවති පාලනය බිද දැමීම තුළ තිබු සැබෑ ජනමතය වූයේද දූෂණය වංවාව නතර කිරීම හොරුන් අැල්ලීම ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමයි. අලුතින් පත්කරගන්නා පාලන තන්ත්‍රයේ ඒකායන අභිප්‍රාය විය යුත්තේද එම ජනමතයමය. එය හුදෙක් අපගේ චිත්ත අවකාශයේ ගොඩනැගෙන දෘෂ්ටිවාදයයි. යතාර්ථය තුළ එය හුදෙක්ම පරිකල්පිත දෘෂ්ටිවාදයක් පමණකි. පාලනය භාරගෙන දින කිහිපයක් තුළම සහෝදර සංග්‍රහය දුටුවෙමු, පැටවු ගැසූ අැමති මණ්ඩලයක්ද මතු විය. ගත් කටටම දුටු වෙනස එයයි. වෙනසක් සෙවූ ජනයාගේ දෙෙවයේ සරදමක් ලෙස මෙතෙක් කල් එජාපය විසින් දූෂිතයන් මිනීමරුවන් ලෙස හංවඩු ගැසූ ශ්රීලංකා මන්ත්රීවරුන්ද අාණ්ඩුවට හවුල් කරගැනීම සිදු විය. 

             අගමැතිවරයාගේ ගජ මිතුරකු වූ විදේශිකයකු වූ අර්ජුන් මහේන්ද්‍රන් ගෙන්වා ගෙන වහාම පුරවැසිභාවය ලබා දී ලංකා අාර්ථිකයේ මරමස්තානයේ අධිපතිවරයා කරවිය. ලංකා ඉතිහාසයේ දූෂිතම බැදුම්කර වංචාවට සිදු වූ පසු ගජ මිතුරා බේරා යැවීමට මිස්ටර් ක්ලීන් ගත් උත්සාහයද සාර්ථක විය. දින සියය තුලම සිදුවූ මෙම වංචාව යහපාලන නායකයන්ගේ දූෂිතයන්ට දඩුවම් දීමේ සැබෑ උනන්දුව මනාව පැහැදිලි විය. මින් පෙනීයන කරුණ නම් යහපාලන රජය තුළද සිදුවූයේද සුපුරුදු දූෂිත පාලන යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වීමක් පමණි. යහපාලනයේ මූලිකම අරමුණක් වූ 'හොරු අැල්ලීම' හුදෙක්ම මාධ්‍යය සංදර්ශනයක් පමණක් විය. වසරක් ගත වී අැතත් එකදු හොරෙකු අල්ලා ගැනීමට යහපාලකයන් සමත්කමක් දක්වා නැත. ඒ වෙනුවට හොරුන් ලෙස ඔවුන්ම පහර ගැසූ පිරිස් සමග මේ වනවිට එක වහලේ යට අැමතිකම් කරමින් සිටී. රිමාන්ඩ් භාරයට පත්වූ පිරිස්ද දෑත් ඔසවමින් සිනහ මුසු මුහුණින් ගෙවන වාට්ටුවට අැතුල් විය. 

            ජනතාවගේ සිහින දිනෙන් දින බිද වැටුනද යහපාලකයන්ගේ අරමුණු නම් සාක්ෂාත් කරගැනීමට සමත් විය. අැමති ධූර, නිල රථ, ඉන්ධන දීමනා, නිල නිවාස සහිතව වසර 10ක සිට අහිමිව ගිය සියලු වරප්‍රසාද සියල්ල බුක්ති විදිමට මග පෑදිණි. මෙසේ යහපාලනය ජනමතය ඉවත දමා සුපුරුදු දූෂිත ගමන් මගේ ගමන් ගන්නා විට එල්ලවන ජනතා විරෝධයෙන් මිදීමට බිද වැටුණු රාජපක්ෂ පාලනයේ පිහිට පැතීමට යළි සිදුවිය. 'එදා මෙහෙමයි' , 'මහින්ද කරේ මෙහෙම' යන වාක්‍ය ඛණ්ඩ උදේ හවස මැතිරීම හැර විකල්පයක් යහපාලකයන්ට නොවීය. දූෂිත බැදුම්කර වංචාව සිදුවූ අවස්ථාවේදීද අගමැතිවරයාට සිදුවූයේ රාජපක්ෂ හා කබ්රාල්ගේ පිහිටෙන් තමන්ගේ විලි වසා ගැනීමට උත්සහ ගැනීම පමණි. මින් පැහැදිලි වන්නේද යහපාලනය බිහිකිරීමට පමණක් නොව යහපාලනයේ විලි වසා ගැනීමට රාජපක්ෂ සාධකය අත්‍යවශ්‍යව අැති බවයි. ජනවාරි 8ට පෙර පෙන්වූ 'ශුද්ධ වූ වෙනස' සහමුලින්ම දියාරු වී ගිය බව සියලු දෙනාට දැන් පැහැදිලිය.

               නමුත් අගෝස්තු 17න් පසු පත්කරගත් රජය පසුගියදා ඉදිරිපත් කළ අයවැය යෝජනාව තුළින් පෙර යන්තමින් තිබූ සැනසුම් සුසුම්ද අකා මකා දමමින් ජන පීඩක, ගජ මිතුරු සංග්‍රහවාදී අාර්ථික ප්‍රතිපත්තියක පිහිටා ඉදිරි වසර පහක කාලයක් ගත කිරීමට ජනතාවට සිදුවන බව සක් සුදක් සේ පැහැදිලිය. පාසල් සිසුවාගේ නිල අැදුමට අත තබා දැන් එය අවුල් ජාලයක් වී දරුවන් දෙමාපියන් ගුරුවරුන් විදුහල්පතිවරුන්ට දුෂ්කරක්‍රියා කල යුතු තත්වයකට අැද දමා අැත. රාජ්‍ය සේවකාගේ විශ්‍රාම වැටුප කපා දැමීම රාජ්‍යය සේවය කප්පාදු කිරීමේ දැවැන්ත උත්සාහයකි. වාහන බලපත්‍ර වරප්‍රසාදයද කප්පාදු කර අැත. හෙද නිල අැදුම් දීමනාද කප්පාදු කර අැත. වෙෙද්‍යවරුන් සතුව තිබූ දීමනාද අහිමි කර අැත. පරිසරය අාරක්ෂා කිරිමට දුම් පරීක්ෂා කිරීමේ ගාස්තු ඉහල දමන අතර පරිසර හිතකාමී විදුලි මෝටර් රථ අානයන බද්ද 25%කින් ඉහල දැමීම එකිනෙක පරස්පරය. පොහොර සහනාධාරය කප්පාදු කර මුදල් ලබා දීම ගොවියන්ගේ ඉල්ලීමක් ලෙස අැමතිවරයා පැවසීම ගොවීන්ටම ගැටලුවක් වී අැත. 

                ගජ මිතුරු සංග්‍රහය , දේශීය හා විදේශීය බහුජාතික සමාගම්වලට මෙරට ජනයා කොල්ලකෑමට අවශ්‍ය පහසුකම් සලසා අැත්තේ බදු සහනද සහිතවය. ජේම්ස් පැකර්ට බදු සහන ලබා දෙනවිට මොරදුන් එජාපය අද ඊට සුජාතභාවය ලබා දීමේ පෙරටුගාමී කාර්යය ඉටුකරමින් සිටී. මෙරට ඉඩම්, කර්මාන්ත අැතුළු සමස්ථ අාර්ථිය සහමුලින්ම විදේශයන්ට විවෘත කරමින් අාණ්ඩුව මේ ගමන් කරන්නේ මුලුමුනින්ම නව ලිබරල්කරණය වූ ජන පීඩක අාර්ථික ප්රතිපත්තියක් බව ඉතා පැහැදිලිය. 


                   ඉදිරියට පැහැදිලි ගැටලුවක් අැත. මෙම විනාශකාරී අයවැය පරාජය කිරීම පාර්ලිමේන්තුව තුළ සිදුවීමේ සම්භාවිතාව සහමුලින්ම අවහිර වී අැත. හවුල් අාණ්ඩුව ඉතා ශක්තිමත්ය. දැන් මෙම විනාශකාරී අයවැය පරාජය කර අයිතීන් දිනා ගැනීම සහමුලින්ම බැර වන්නේ පාලනය පත්කර ගැනීමට දායක වූ දායක නොවූ ජනතාවටමය. මහපොලොවේ අරගලයෙන් තොරව තම අයිතින් දිනා ගැනීමටත් විනාශකාරී ගමන වැළැක්වීමටත් ජනයා පෙළගැසීම වහා සිදුවිය යුතුය.